Kohedo Api Yanne Nalin Perera Lyrics

Recently Added Lyrics Nalin Perera Kohedo Api Yanne


කොහේදෝ අපි යන්නේ

සිහින ගලපමින් දවසින් දවසට
කොහේදෝ අපි යන්නේ
කඳුල තවරමින් මොහොතින් මොහොතට
කොහේදෝ අපි යන්නේ

සිනහව තවරා යන එන මාවත
සිතුවම් කරමු අපි
සෙනෙහස කලතා දිවි මග සරසා
දයාව බෙදමු අපි

කවුළු පියන් හැර දකිමු අනුන් දුක
සිඳිමු සිතේ මානේ
වයමු දොරින් දොර ගයමු තුඩින් තුඩ
මිනිස්කමේ ගීතේ

සමන් කුලරත්න